Sunday, September 15, 2019
හේමන්තයට අත වනන සුන්දර කොරියාව
ග්‍රීෂ්ම සෘතුව අදින් අවසන් උනත් මද්දහනය තාමත් පෙර සේම කටෝර රස්නෙයි. ඒ කියන්නෙ ඇඟට දැනෙන ගානට සීතල එන්න තව ටිකක් කල් යනව කියන එකයි.
දේශගුණයෙනුත් අපිට තව කාලයක් උණුසුම විඳින්න අවසර දීල තියෙන නිසාම නගර සභාවෙනුත් අපිට තව සති දෙක තුනක් පාපැදි පදින්න අවසර දීලා වගේ.. මොකද ගිය අවුරුද්දෙ මේ වෙනකොට නගර සභාවෙන් පාපැදි සියල්ලම අරන් ගිහින් තිබ්බා.
නගර වැසියන්ට පාලන සභාවෙන් වියයුතු පාරිසරික සමාජමය සේවාවක් ලෙස මෙම පාපැදි හැම අවුරුද්දකම ග්‍රීෂ්ම සෘතුවේ ආරම්භයත් එක්කම පාපැදි ගාලවලට ගෙනත් ගාල් කරල යනවා. සෘතුව අවසන් වෙද්දි ගෙනාපු පාපැදි ප්‍රමාණයම ආපහු අරන් යනවා.
කොරියාවෙදි මේ වැඩේ මෙහෙම කරන්න පුලුවන් උනාට ලංකාවෙනම් එක දවසයි. පාපැදි ටික ගෙවල්වල තියෙයි. පාපැදියෙන් තමන්ගේ ගමන ගියාට පසු ළගම පාපැදි ගාලෙන් ඒක තියල යන එක කොරියානුවන්ගේ පුරුද්දක්.
මීට උදේ වරුව තුළ පුවත්පත් වගේම වහින දවස්වලට කුඩත් මේ වගේ පොදුවේ භාවිතාවන තවත් අයිතම වේ.
බස් නැවතුම්වල රැඳී සිටින මගීන්ගේ අධික රස්නය සමනය කිරීමට අවට වායුගෝලයට ජලවාෂ්ප නිකුත් කරන අවස්ථාවකි. අධික තාපය සමනය වී වාතලය තරමක් සෞම්‍ය කරවීම මෙහි අරමුණයි.
එසේම තැන් තැන්හි වතුර මල්ද නිර්මාණය කර තිබේ. ඉන් පරිසරයට තෙතමනය වගේම අලංකාරයකුත් එකතු වේ.
|චතුර රුවන් වීරක්කොඩි
Subscribe to:
Post Comments (Atom)





No comments:
Post a Comment