~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2019 අවුරුද්දට ග්‍රීෂ්ම සෘතුව පටන් ගත්තේ පහුගිය ජූනි 15 වෙනිදා. මේ වෙනකොට සෘතුවේ මාසෙකට වඩා ගෙවිලා දැන් මැද හරියෙ වගේ ඉන්නෙ. ඒ කියන්නෙ මේ උණුසුම අධිකම මාසයයි.
මෙම උණුසුම අධිකම මාසයේ මුල් දවස චෝබොක් (초복) නම් වේ. ඉන් දින 10ක් ගෙවුණු පසු චුංබොක් (중복) දිනය උදාවේ. එසේම තවත් දවස් 20කට පසු මල්බොක් (말복) දිනය උදාවේ. මේ දින තුනට පොදුවේ අර්ථ කරන්නේ සම්බොක් (삼복) නමිනි.
2019 වර්ෂයට මේ දින තුන යෙදී ඇත්තේ
초복 - ජූලි 12
중복 - ජූලි 22
말복 - අගෝස්තු 11 වේ.
![]() |
| සම්ග්යේතං |
![]() |
| බෝසින්තං |
삼계탕 නිවැරදිව පිළියෙල කරගැනීමේ ක්‍රමයට අනුවනම් ඒ සදහා යොදාගත යුතු දේ
* පැලෑස්තර් මෙන් සකසන ලද කිකිළියක් ( Cornish Hens)
* සුදුළූණු (마날) බිකි කිහිපයක්
* ජින්සෙන් මුලක් (인삼)
* වියළි තෙචු (대추) නමින් හඳුන්වන පලතුරක්
( හරියට රටඉඳි වගේ )
* සුනුසහල් ටිකක්
* ලූණු කොළ ටිකක්
* ලුනු හා කළු ගම්මිරිස්
* කෙනිප් (깻잎) නමින් හඳුන්වන කොළ ටිකක්
![]() |
| කුකුළු පැස (පැලෑස්තර) |
![]() |
| ජින්සෙන් (ඉන්සම්) |
![]() |
| වියළි තෙචූ |
![]() |
| කෙන් කොළ (කෙනිප්) |
මෙහිදී අනෙකුත් ආහාර සාදාගැනීමේදී මෙන් කුකුළාව කොටස්වලට කපාගැනීමක් නොකරන අතර සම්ග්යේතං සෑදීම සදහාම පිහාටු ගලවාගත් සම සහිත කිකිළියන්ව උණු වතුර බොයිලේරුවක ගිල්වා පැලෑස්තර මෙන් සකසාගත යුතු වෙනවා. නමුත් ග්‍රීෂ්ම සෘතුව උදාවීමත් සමඟම මෙලෙස පැලෑස්තර මෙන් සැකසූ කිකිළියන් වෙළඳපොළෙහි විකිණීමට තිබෙනු බහුලව දැකිය හැකියි.
![]() |
| පැසට සහල් හා අනෙක් දෑ පුරවාගැනීම |
![]() |
| තම්බාගැනීම |
![]() |
| තැම්බී ඇත්දැයි පරීක්ෂා කිරීම |
![]() |
| ආහාරයට ගැනීමට පෙර |
අප විසින් කළ යුත්තේ නිවසේම සකසාගත් හෝ වෙළඳපොලෙන් මිලදීගත් කිකිළියව තියුණු පිහි තුඩකින් මඳක් ඉරා, ඒ තුළට ඉහත කී දෑ දමා මසා ගනු ලැබේ. ඉන් පසු නැවත සැරයක් උණු ජලයේ ගිල්වා පදමට ගැලපෙන පරිදි ලුණු හා ගම්මිරිස් එකතු කරමින් පිසගත යුතුය.
![]() |
| සම්ග්යේතං සෑදීමට අවශ්‍ය දෑ එක පැකැට්ටුවක |
![]() |
| වෙළඳපොලේ විකිණීමට තිබෙන සම්ග්යේතං |
වර්තමානයේදී කුකුළාගේ පැස තුළට ඉහත දෑ ඇතුළත් කොට නිවැරදි ආකාරයටම සුප් එක සෑදීම දැකිය නොහැකි වුවත් කුකුළා සමඟ සියලු දේවල් එකට තම්බා රසවත් සුප් එකක් ලෙස පිළිගන්වන හැටි අපිට දැකිය හැකිය.
|චතුර රුවන් වීරක්කොඩි












No comments:
Post a Comment