ඇමෙරිකානු බුද්ධි අංශය විසින් ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ප්‍රකාශ කර තිබුණත් මාධ්‍යවේදීන් පිරිසක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඒ පිළිබඳ සත්‍ය අසත්‍ය විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිට තියෙනවා.
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ව 2011 වර්ෂයේදී ඇමෙරිකානු හමුදා කණ්ඩායම් ඝාතනය කල අවස්ථාවේද ඔහූ සමඟින්ම ඔහූගෙ පුතාද මියයන්නට ඇති බැව් ප්‍රකාශ කර තිබුණා. නමුත් පසුව පාකිස්ථානයේ අබොතාබාද් හි ලැබුණු මලමිනි අතර සිට හඳුනාගත්තේ ඔසාමාත්, කලීඩ් නම් ඔහූගේ සොයුරාත් පමණි.
ඔසාමා බින් ලාඩන්ට බිරියන් හය දෙනෙක් හා දරුවන් විසිහය දෙනෙක් සිටිති. නමුත් ඔසාමාගේ මරණයෙන් පසු සංවිධානයේ නායකත්වය පවුලේ උරුමයට ලබා නොදී ඊජිප්තු ජාතික අයිමන් අල් ස්වාහිරි විසින් දරණු ලැබීය. එසේ කලේ වැඩිමල් පුතු හම්සා බින් ලාඩන් ඒ වනවිට විසිදෙහැවිරිදි වියේ පසු වූ නිසා වන අතර පසුකාලීනව අයිමන් විසින් නායකත්වය පිය උරුමයට පවරා දෙනු ලැබීය.
පුංචි කාලෙදිම හම්සා ට යුධ උපක්‍රම පිළිබඳ මනා දැනුමක් හා පුහුණුවක් ලබා දී තිබීමත් ත්‍රස්ත සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ කරගැනීමත් නිසා අල් කයිඩාවේ නායකත්වය ඔහූට අභියෝගයක් වූයේ නැත.
පසුගිය වසරේ මැද හරියේදී හම්සා විවාහ වූ අතර ඒ මොහමඩ් සයීඩ් අට්ටා ගේ දියණියත් සමඟිනි. අට්ටා යනු 2001 සැප්තැම්බර් 11 දින නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බෝම්බා ගසා ඇමෙරිකාව දණගැස්වීමේ මෙහෙයුමේ මහ මොළකරුය.
පියාගේ මරණයේ වාඩුව ගැනීමට ඔහූ තුළ තිබූ වියරුව නිසාම ඇමෙරිකාවටත්, සහාය වන අනෙකුත් රටවලටත් අභියෝග කරමින් ඔහූ ගෙන ගිය වැඩ පිළිවෙල ඉදිරියේ එම රටවල් සිටියේ තැතිගැන්මකින් බවනම් ස්ථීරය.
පාකිස්ථානයත් ඇෆ්ගනිස්තානයත් අතර දේශසීමා ප්‍රදේශය තුළම කොහේ හෝ හම්සා බින් ලාඩන් සැඟවී සිටින බවට සැක කරන ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්ත මර්ධන ඒකකය, ඔහූ පිළිබඳව නිවැරදිව යම් තොරතුරක් දන්වන පුද්ගලයෙකුට ඩොලර් මිලියනයක් තෑගි වශයෙන් ලබාදෙන බවද පහුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කලා.
|චතුර රුවන් වීරක්කොඩි
No comments:
Post a Comment