Thursday, July 11, 2019
උතුරු කොරියාවේ ඒකාධිපති වියරුව මෙතෙකින් නිමා වේවිද?
කොරියානු අර්ධද්වීපය දෙකට කැඩුනයින් පස්සෙ කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන රජයේ (උතුරු කොරියාවේ) නායකයා බවට පත් උනේ කිම් ඉල්-සුං. කොරියානු ජනරජයේ (දකුණු කොරියාවෙ) ජනාධිපති වූයේ සිංමන්- රී.
"ප්‍රජාතන්ත්‍රවාදී මහජන රජය" යනුවෙන් උතුරු කොරියාව අර්ථ නිරූපනය කිරීමම මට විහිළුවක්. ඒකාධිපති පාලනයක් ගෙනයන එරටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන්නේ කෙසේද යන්නෙන්ම එය ගම්‍ය කරගත හැක.
1948 දී නායකත්වයට පත් වූ කිම් ඉල්-සුං 1972 වෙනතුරුම රට පාලනය කලා. 1972 දී ප්‍රථම වරට පැවැත්වූ ජනාධිපතිවරණයෙනුත් ජය ලැබුවෙ ඔහූමයි. ඒ වගේම උතුරු කොරියාවෙ තියෙන ප්‍රධානම දේශපාලන පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වයද ඔහූ විසින් දරණු ලැබුවා. 1949 සිට 1994දී මිය යනකල්ම ඔහූ රාජ්‍ය නායක තනතුරේත් පක්ෂ නායක තනතුරේත් හිටියා. එහෙම වෙලත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක්..
1994දී කිම් ඉල්-සුං මියගිය ගියායින් පස්සෙ ඔහූගෙ පුත් කිම් ජොං-ඉල් උතුරු කොරියාවෙ පාලකයා බවට පත් උනා. පියා කම්කරු පක්ෂයේ නායකත්වය දරණ සමයේ මොහූ එහි මහාලේකම් වූ අතර ජාතික ආරක්ෂක කොමිසමේ සභාපති, කොරියානු හමුදාවේ ප්‍රධන අණදෙන නිලධාරී යන ධූරද හෙබවීය.
මොහූගේ අණසක යටතේ උතුරු කොරියාවේ ජනතාවගේ දුප්පත්කම, කුසගින්න හා මන්දපෝෂණය දළුලා වැඩෙන්නට වූ අතර මානව අයිතිවාසිකම් නැත්තටම නැති කර දැම්මේය. රට ඇතුළෙම ත්‍රස්තවාදය අවුළුවා සම්පූර්ණයෙන්ම හමුදා පාලනයක් ස්ථාපිත කළේය. ලෝකයේ හතරවන විශාලම හමුදාව නිර්මාණය කර එහි අධිපති වූයේය. රටේ ජනතාව දුක් වේදනාවෙන්, කුසගින්නෙන්, ඉඩෝරයෙන්, ලෙඩරෝගවලින් පෙලෙද්දී ඔවුන්ගේ පාලන පැලැන්තියේ එවුන් විතරක් සුරසැප වින්ඳෝය. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක්..
2011. 12.19 කිම් ජොං-ඉල් මිය ගියායින් පස්සෙ රටේ පාලනය අතට ගත්තේ ඔහූගෙ දෙවන පුත් වූ කිම් ජොං-උන්. ඔහූට වැඩිමල් සහෝදරයෙක් හා බාල නැගණියක් සිටී. එසේම ඔහූගේ පියාට දාව තවත් බිරිඳකට උපන් වැඩිමල් සහෝදරයෙක් විය. නමුත් රටේ බලය හිමිවූයේ කිම් ජොං-උන් ටය. රාජ්‍ය පාලනය අතට ගනිද්දී ඔහූගෙ වයස අවුරුදු 28ක්. මයිකල් මුරටෝරි පහුගියදා සැන් මැරීනෝ හි රාජ්‍ය නායකත්වයට පත්වීමට පෙර වසර ගණනාවක්ම ලොව ලාබාලතම පාලකයා ලෙස නම් දැරුවේද කිම් ජොං-උන් ය.
ඔහූගේ පියාගෙ තවත් බිරිඳකගේ පුතෙක් වූ කිම් ජොං-නම් වූ වැඩිමල් සහෝදරයා 2017 වසරේදී මැලේසියාවේදී මරා දැමුණු අතර එම චෝදනාව එල්ලවූයේ කිම් ජොං-උන් ටය. ඒකාධිපති පාලනයකදී සහෝදරත්වය වුව මැඩලීමට දෙවරක් නොසිතයි. බලයෙන්ම අන්ධ වී සිටියි. ඔහුගෙ පුතා තවමත් ජීවතුන් අතරය.
ඒකාධිපත්‍යයේදී වුවද මීළග පාලකයා විය යුතුව තිබුණේ ජ්‍යෙෂ්ඨ පුතු වූ කිම් ජොං-චුල් ට හෝ අනෙක් බිරිඳගෙ පුතු වූ කිම් ජොං-නම් ටය. නමුත් ඔවුන් රාජ්‍යත්වයට නුසුදුසු බැව් පියා විසින් තීරණය කිරීමෙන් අනතුරුව බාල පුතු වූ කිම් ජොං-උන්ටම ඒ බලය පවරනු ලැබුවේය. පියා පවසා තිබුණේ තමාගේ මෙන් තද ගතිගුණ පිහිටා තිබෙන්නෙ බාල පුතුට බැවින් සෞම්‍ය ගතිගුණ සහිත පාලකයෙක් රටට අවශ්‍ය නැති බවයි.
ඒ අනුව පියාගෙ කැමැත්ත පරිදිම කිම් ජොං-උන් රට තවත් අගාධයට ගෙනයමින් සිටී. වසර දහයකින් හරි හමන් කෑමක් බඩට දමාගෙන නොමැති ජනගහනයක්, මන්දපෝෂණයෙන් පෙලෙන හා කුසගින්නෙන් මියයන ජනතාවක් සමඟ මිනිසාගේ ජීවත්වීමේ පරම අයිතියද උදුරාගැනීමට තරම් උතුරු කොරියාවේ ඒකාධිපති පාලනය සමත් වී තිබේ. නමුත් තාමත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක්..
න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් නිසා ලෝකෙන්ම කොන් කර තිබෙන රටට කිසිඳු රාජ්‍යයකින් මේ ළගක් වනතුරු හාල් ඇටයක් තියා වතුර පොදක්වත් ලැබුනේ නැත. ආර්ථික සම්බාධකවලට පිහිටවන්නට කිසිඳු වෙළඳ ආර්ථික හුවමාරුවක් වන්නේද නැත. මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ රටේ මිනිසුන් සත්‍ය ලෙසම දිවිගෙවන්නේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති රටකය. නමුත් රට ඉස්සරහින් "ප්‍රජාතන්ත්‍රවාදී" යන කෑල්ල හරි ලොකුවට අර්ථ නිරූපනය කර ඇත.
කිම් ජොං-උන්ට සිටින්නේ එකම දියණියකි. ඔහූගේ අභාවයෙන් පසු රටේ පාලනය ඇය අතට පත් වේද නැතිනම් සෞම්‍ය ගතිගුණ සහිත ඔහූගේ අයියාට හෝ ඔහූගේ පුතෙකු අතට පත්වේද යන්න ප්‍රශ්නාර්ථයකි. නැතහොත් උතුරු කොරියාවේ ඒකාධිපති පාලනය මෙතෙකින් නිමා වේද? සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතුවෙයිද?
එතෙක් බලාසිටිමු.
|චතුර රුවන් වීරක්කොඩි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment