Monday, June 17, 2019

සුන්දර්බාන්ස් වනයෙන් හමුවූ ඉන්දීය අළු වෘකයාගෙ ඉරණම

හැත්තෑ වසරකට පෙර රටකින් වඳව ගිය සතෙක් නැවත සැරයක් දකින්න ලැබුනොත් ඒක ලොකු සතුටක්. එසේම ඌව මරා දාල කියල දැනගත්තම ඊට වඩා ලොකු දුකක්..


ඉන්දීය අළු වෘකයෝ කියන්නෙ ලෝකයේ දුර්ලභ ගණයේ සත්ව කොට්ඨාශයක්. ඉස්සර ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මෙම ජීවීන් බොහෝ දකින්න ලැබුනත් දැනට උන් ජීවත් වෙන්නේ ඉන්දියාවේ විතරයි. දැනට උන්ගේ සම්පූර්ණ ගහණය 3000කටත් වඩා අඩු ප්‍රමාණයක්.

1940 පටන් බංග්ලාදේශයේ බටහිර ප්‍රදේශවල සිදු වූ විශාල ජන ව්‍යාප්තිය නිසාවෙන් අළු වෘකයන්ට උන්ගේ වාසස්ථාන අහිමි වී කෙමෙන් කෙමෙන් වඳව ගියේය. බංග්ලාදේශයෙන් අවසන් වරට අළු වෘකයෙක් දැක ඇත්තේ 1949 වසරේදීය.


 "සුන්දර්බාන්ස්" නම් වැසි වනාන්තරය හඳුන්වන්නේ ලෝකයේ විශාලම කඩොලාන වනාන්තරය ලෙසයි. මෙම වැසි වනය හරියටම පිහිටා තිබෙන්නේ බෙංගාල බොක්ක සමීපයේ වන අතර එය හරියට ඉන්දියාවත් බංග්ලාදේශයත් යා කරන පඩිපෙලක් බඳුය. එමෙන්ම ඉන්දියාවේ විශාලම ගංඟාවක් වන බ්‍රහ්මපුත්‍ර හා මේග්නා ‍යන ද්විත්ව ගඟාවන්ට මැදි වුන "සුන්දර්බාන්ස්" ඩෙල්ටාවක්ද වේ.


 මෙම දුර්ලභ අළු වෘකයා ඇස ගැටී තිබෙන්නේ මෙම සුන්දර්බාන්ස් වනයට ආසන්න ගමකිනි. වගාවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් ගොවියන් මෙම සතාට පහර දී මරා දමා තිබුණු පසු මාධ්‍යයට අනාවරණය විය.

(සුන්දර්බාන්ස් වනාන්තරය ගැන වෙනම ලිපියකින්.. )

|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment