වසර දෙකකට ඉහතදී තායිවානයේ අධිකරණය ගත් තීන්දුවකට හිස නමමින් තායිවානයේ පාර්ලිමේන්තුව විසින් මැයි මස 17 වන දින සමරිසි විවාහ නීතිගත කර ඇත. ඒ අනුව සමරිසි විවාහ නීතිගත කල ප්‍රථම ආසියානු රට බවට තායිවානය ඉතිහාසගත විය.
මීට පෙරද සමහරක් ආසියානු රටවල (විශේෂයෙන්ම අග්නිදිග ආසියානු රටවල) සමරිසි විවාහ සිදු වූ අතර එම විවාහයන් නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක් නොවුණි. ඒවා හුදෙක් "සහතික කර නොගත් බැඳීම්" ගණයෙහිලා සැළකූහ.
පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් 2017 මැයි මාසයේදී තායිවානයේ අධිකරණය විසින් පාර්ලිමේන්තුවට තීන්දුවක් ලබා දුන්නේය. එසේම එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට වසර දෙකක කාලයක්ද ලබාදුන්නේය.
එනම් සමරිසි පුද්ගලයන්ට විවාහවීමේ අයිතිය ලබාදී එය නීතිගත කරන ලෙසය. මේ අනුව 2019 පෙබරවාරි මාසයේදී ඒ පිළිබඳ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර අධිකරණය විසින් ලබා දුන් කාලය ඉකුත්වීමට සතියක් තිබියදී මෙම ඉතිහාසගත නීතිය පාර්ලිමේන්තුව විසින් බහුතර ඡන්දයෙන් සභා සම්මත කොට නීතිගත කරන ලදී.
තායිවානය මේ ළගා කරගත් ජයග්‍රහණයත් සමඟින් අග්නිදිග ආසියාවද ඉක්මණින්ම මෙම සීමාවට ළගා වෙනු ඇතැයි සිතිය හැකි බව සමාජ පරිශීලකයන්ගේ මතය වී තිබේ. කෙසේ වෙතත් බුදුදහම ප්‍රධාන ආගම වන තායිවානයේ මෙවැනි නීතියක් පැමිණීම, අග්නිදිග ආසියාව මෙම තීරණයට එළඹීමට මාර්ගෝපදේශයක් සපයයි.
තායිලන්තය, මියන්මාරය,පිලිපීනය මෙම රැල්ලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට තිබේ. එසේම ඉන්දුනීසියාවේ බහුතරය ඉස්ලාම් ආගමිකයන් වුවද සමරිසි සබඳතා බහුලව දැකිය හැකි රටක් ලෙස ප්‍රකටය. නමුත් මැලේසියාවේ හා බෲනායි හි එවැනි සබඳතා පැවැත්වීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි. බෲනායි හි රජූ මෑතකදී ඒ පිළිබඳව දැඩි ප්‍රකාශයක්ද කලා මට මතකය. ශරියා නීතියේ ආධිපත්‍යයට යටත් වූ බෲනායි හි මෙවැනි සබඳතා පැවැත්වීම මරණීය දණ්ඩනයට හේතුවකි.
|චතුර රුවන් වීරක්කොඩි




No comments:
Post a Comment