Thursday, July 20, 2017

හෙජින් ද මෙල් සහ පොල්බූරු තෙල් ගිවිසුම


2003 දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 30කට අලෙවි වූ අතර 2006 දී ඩොලර් 70කට ඉහළ නැග්ගා. එම මිල 133%කින් විතර ඉහළ ගිය නිසා එය ලංකාවෙ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කලා. ඒ අවස්ථාවෙ ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝජනාවකට අනුව ඛණිජ තෙල් සංස්ථාව හා බැංකු හතරක් අතර හෙජින් ගිවිසුමක් ඇති කරගත්තා. එම බැංකු හතර
1) City bank
2) කොමර්ෂල් බැංකුව
3) Standard Charted bank
4) Dutch bank

2007.01.31  දින හෙජින් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

එම ගිවිසුම සකස් උනේ සංස්ථාවේ හා බැංකුවල ප්‍රධානීන්ගේ එකඟත්වයකට අනුව මාස අටක තෙල්වල මිල ඉහළ පහළ යාම පදනම් කරගෙන. ඒ අනුව ඉදිරියේ තෙල් මිල වැඩිවේයැයි සිතිය හැකි උපරිම මිලකුත් තෙල් මිල අඩු වේයැයි සිතිය හැකි අවම මිලකුත් තීරණය කෙරුණා. ඒ මිල දෙක මත පදනම් වූ හෙජින් ගිවිසුමට අනුව..

වෙළෙඳපොළ පවත්නා මිලට වඩා තෙල් මිල ඉහළ ගියවිට ගිවිසුමට අනුව තීරණය කල උපරිම  මිලත් වෙළඳපල මිලත් අතර පරස්පර මිල බැංකුව විසින් සංස්ථාවට ගෙවිය යුතුයි. ඒ වගේම පවත්නා මිලට වඩා තෙල් මිල අඩු උනොත් ගිවිසුමට අනුව තීරණය කල අවම මිලත් වෙළඳපල මිලත් අතර පරස්පර මිල සංස්ථාව විසින් බැකුවට ගෙවිය යුතුයි.

නමුත් බැංකුව සංස්ථාවේ සභාපතිගෙ දැනුමෙ තරම දැනගෙන, බැංකුව් ගිවිසුම හැදුවෙ බැංකුවට ලාභදායි වෙන විදිහට.

ඒ අනුව වෙළඳපල මිලට වඩා තෙල් මිල පහළ ගියොත් වෙළඳපල මිල හා අවම මිල අතර අගය සංස්ථාව විසින් බැංකුවට  ගෙවනවා. නමුත් තෙල් මිල ඉහළ ගියොත් බැංකුව විසින් ගෙවිය යුතු වෙළඳපල මිල හා උපරිම මිල අතර වෙනස ගෙවන්නෙ නෑ. ඒ වෙනුවට බැංකුව විසින් එම වගන්තිය වෙනස් කලා * මිල වැඩිවෙන සෑම තෙල් බැරලයකටම ඩොලර් 2.50 බැගින් බැංකුව සංස්ථාවට ගෙවිය යුතු බවට..  මොනතරම් අසාධාරණ ද?

ඒ වනවිට ඇමෙරිකාවේ බැංකු සියල්ලම පාහෙ ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටියෙ. ගෝලීය මූල්‍යකරණ පද්ධතිය පිළිබඳ දැනුම ඇති විද්වතුන් මේ ගැන දැනගෙන හිටියා. විශේෂයෙන්ම මේ වගේ හෙජින් ගිවිසුමකට එළඹීමට පෙර ඒ ගැන මූල්‍ය විශ්ලේෂණයක් කල යුතුයි. ඇමෙරිකාවේ මූල්‍ය අවපාතයත් එක්ක බොරතෙල් මිල ඉදිරියේදී අඩුවෙන බවවත් සංස්ථාව දැනගෙන සිටියේ නෑ. ඒ දෙවන වරද.

කොටින්ම කියනවනම් තෙල් මිල පහළ ගියොත් ඒ ලාභය බැංකුවට පූජා කරන්නයි. තෙල් මිල ඉහළ ගියොත් සංස්ථාවේ සමස්ත අලාභයම බැංකුව නොගෙවා ඩොලර් 2.50 බැගින් ගෙවලා ඇඟ බේරාගැනීමයි තමයි මේ ගිවිසුමෙන් වෙන්නෙ. අන්තිමට බෙරතෙල් මිල ඩොලර් 40ක් දක්වා අඩුවෙලා සංස්ථාවට විශාල මුදලක් බැංකුවට ගෙවීමට සිදු උනා.

සංස්ථාවේ සභාපති හරි හමන් උගත් බුද්ධිමත් මිනිහෙක්නම් කිසිම විදිහකින් මේ ගිවිසුමට එළඹෙන්නෙ නෑ. සාමාන්‍ය පෙළ පමණක් සමත් වූ කෙනෙකුගේ දැනුම මෙවැනි රටේ ජීවනාලිය බදු සංස්ථාවක සභාපතිකමට සෑහේද? ඔහූ නිසා හෙජින් ගිවිසුම හරහා රටට වූ අලාභය කෝටි 1620 කි. නඩු කතා කිරීමේ වියදම් හා ගමන් වියදම් කෝටි 48කි. රටට වූ මුළු අලාභය කෝටි 1668කි. එක්සත් රාජධානියේ ගොනු වූ එම නඩුව නිමාවුවද එම අලාභය අප විසින් ගෙවීමට නියම විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගිවිසුම අවලංගු නොකරන්න රටට මීට වඩා පාඩුවක් වීමට ඉඩ තිබිණ. සමහර විට ආර්ථිකයක් නැති වෙන්නම ඉඩ තිබිණ.


සංස්ථාවේ සභාපතිකම ඉසිලූ ඒ මහා මොලකරු වනුයේ ශ්‍රී ලාංකීය ටෙස්ට් ක්‍රිකට් මැච් ඉතිහාසයේ මංගල පන්දු වාරය දැමූ වේග පන්දු යවන්නා ලෙස නම් දරණ අසන්තා ද මැල් ය.

විශේෂ ස්තූතිය -වගීෂා බෝවතැන්න ට
|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment