ජූනි මාසය කියන්නෙ මව්බිම උදෙසා ජීවිතය කැපකළ විරුවන් ස්මරණය කිරීමේ එනම් ගෞරවය හා තුති පිදීමේ මාසයයි. කොරියානු භාෂාවෙන් 현충일( Hyeonchungil) ලෙස හදුන්වන ජාතික අනුසමරණ දිනය සෑම වසරකම ජූනි 6 වෙනිදාට යෙදී ඇත. මෙරට ජීවත්වන විදේශිකයන් වශයෙන් අපද මෙම නිවාඩු දිනය සම්බන්ධයෙන් දැනසිටීම අතිශය වැදගත් වේ.
![]() |
| Kim ll Sung |
![]() |
| Syngman Rhee |
දකුණු අර්ධය කොරියානු ජනරජය ලෙස ප්‍රකාශයට පත් කරමින් අලුත් රජයක් පිහිටවූ අතර ඒ අනුව උතුරු කොටස කොරියානු ප්‍රජාතාන්ත්‍රවාදී මහජන ජනරජය ලෙස ප්‍රකාශයට පත්කෙරිණි.
1950 වර්ෂයේදී උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරන්නට තැත් කල අතර සෝවියට් රුසියාව හා චීනයද ඔවුන්ට සහාය දුන්හ. දකුණු කොරියාවට සහායක් ලැබුනේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. මේ සහායදීම් අභ්‍යන්තරයේ ඇත්තේ කූට උපක්‍රම බැව් දැන සිටියත් රටවල් දෙකටම අන් උදව් නොමැතිව යුධ ජයග්‍රහණයක් බලාපොරොත්තු වීම සිහිනයක්ම පමණක් වූ නිසා ඔවුහූ සහාය දිගටම ලබාගත්හ. ඇත්තටම යුද්ධය තිබුනේ ඇමෙරිකාව හා සෝවියට් රුසියාව අතරය. උතුරු හා දකුණු කොරියාව නාමිකව උර දුන්නා පමණි.
වර්ෂ තුනක් පුරා ඇදී ගිය කොරියානු යුද්ධය 1953 මැද හරිය වනවිට සමථයකට පත් විය. ඒ දේශසීමා මායිම් වෙන් කරගැනීමෙන් අනතුරුවය. නමුත් ඔබට අදද ඒ දේශසීමා අතර වූ හිඩැස මනාව දැකගැනීමට අවස්ථාව ඇත. සිසීකඩ විසිරුණ පැරණි අවශේෂ නටබුන් අදට ද ඉතිරිව ඇත. ප්‍රාණය පුදා දිනාගත් මායිම් සීමා අදටත් නිරවුල් ය. නමුත් මේ ජයග්‍රහණ අරභයා ජීවිත පරිත්‍යාග කල මිනිසුන් සදාකාලයටම කුරිරු යුද්ධය විසින් ගිලගෙන අවසානය.
මේ අනුව 1956 අප්‍රේල් මස 25වෙනිදා කොරියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයක් නිකුත් කෙරුණා.
1. භූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් ජීවිතය කැපකල දේශප්‍රේමීන්ට හා රණවිරුවන්ට ගෞරවය පුදකිරීමත්
2. ඔවුන්ගේ ආත්මයන් සදාකාලයටම සුවපත් කිරීම වෙනුවෙන් යාඥා කිරීමත්
3. ජාතියට නිදහසේ හුස්ම ගැනීමට සැලැස්වූ ඒ වීරයන්ව සදාකාලයටම අනුස්මරණය කිරීමත්
යන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් සෑම වසරකම ජූනි 6 වෙනිදා ජාතික නිවාඩු දිනයක් ලෙස ත් එදිනට ඔවුන්ව අනුස්මරණය කරන ලෙසත් එහි සදහන්ව තිබුණා. ඒ අනුව 1956 ජූනි 6 වෙනිදා අනුස්මරණ දිනය සමරනුවස් ප්‍රථම ජාතික උත්සවය පැවැත්වුණි. ඒ අනුව සෑම වසරකම එදිනට වීරයන්ව අනුස්මරණය කරනු ලැබේ. අද මේ සමරනු ලබන්නේ එම අභිමානවත් කැපකිරීමේ හැට දෙවෙනි සංවත්සරයයි.
කොරියානු වැසියෝ දහස් ගණනින් සුසාන භූමිවලට පැමිණෙන අතර මියගිය තම සමීපතමයන්ගේ සොහොන් කොත් අභියස මල් පොකුරක් තබා, ඉටිපන්දමක් දල්වා ඔවුන්ගේ ආදරය, ගෞරවය, හා ස්තූතිය පුද කර සිටී. දකුණු කොරියාව තුළ එවැනි ප්‍රසිද්ධ හා ප්‍රධාන සුසාන භූමි තුනක් ඇත.
1. සොවුල් ජාතික සුසාන භූමිය
2. තේජොන් ජාතික සුසාන භූමිය
3. එක්සත් ජාතීන්ගේ අනුස්මරණ සොහොන් උද්‍යානය
දකුණු කොරියාව අපගේ දෙවෙනි මව්බිම ලෙස පිළිගන්නා බැවින් එම යුධ වීරයන්ව ගෞරවයෙන් සිහිපත් කිරීම අපගේද කෘතගුණත්වය ප්‍රදර්ශනය කිරීමකි. අද දින කොරියාවේ ජාතික නිවාඩු දිනයක් බැවින් සියලු ආයතන, කම්හල් වසා දමා ඇත්තේ එම දිනයේ වැදගත්කම මනාව පෙන්නුම් කිරීමටය.
ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ මව්බිම ද එවැනි සංහාරයන් කිහිපයකටම මුහුණ දුන් රටකි. සෑම සටන් බිමකදීම වීරයෙක් අපිට අහිමි විය. නමුදු ජාතියක් ලෙස අපට අනුස්මරණ දිනයක් ප්‍රකාශයට පත්කර නැත. ඇත්තේ අපිම හදාගත් දවසක් පමණි. මැයි 18 දිනය ජාතික විරු අනුස්මරණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්නේනම් ජාතියක් ලෙස අපි ස්තූතිවන්ත විය යුතුය.
|චතුර රුවන් වීරක්කොඩි
( 2017.06.06)









No comments:
Post a Comment