මේ ගැන නොදන්න අය හුඟක් ඇති කියල හිතුන නිසා මෝඩයාගේ දවස ගැන කෙටියෙන් ලියන්න හිතුනා.
මෝඩයන්ගේ දිනයට පාදක උනේ 1582 වසරේදී ප්‍රංශයේ රජ කල iii වන හෙන්රි රජූ ගන්නා ලද එක් තීරණයක්. ප්‍රංශයේ ජනතාවගෙන් කොටසක් අකමැත්ත පල කරද්දීත්, රජූ කලේ ජූලියන් දින දර්ශනයේ (Julian calendar) සිට ග්‍රෙගෝරියන් දින දර්ශනයට (Gregorian calendar) මාරු වීමයි.
(xiii වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් ලොවට හඳුන්වාදුන් බැවින් මෙය ග්‍රෙගරියන් දින දර්ශනය ලෙස නම් වේ.)
![]() |
| King Henry iii |
![]() |
| Pope Gregory xiii |
ජූලියන් දින දර්ශනයට අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ අප්‍රේල් පළමුවෙනිදාය. අදටත් අපේ රටේ සමාගම්වලත් ලෝකයේ බහුතරයක් සමාගම්වලත් මුල්‍ය වර්ෂය (Financial Year) ආරම්භ වන්නේ අප්‍රේල් පළමුවෙනිදාය. සමහරක් සමාගම් වල ජනවාරි 01- දෙසැම්බර් 31 ද මූල්‍ය වර්ෂය ලෙස ගනී. නමුත් බහුලව ගැනෙන්නේ අප්‍රේල් පළමුවෙනිදායින් ඇරඹෙන මූල්‍ය වර්ෂයය.
මේ අනුව ජූලියන් දින දර්ශනයේ සිට ග්‍රෙගෝරියන් දින දර්ශනයට මාරු වීම නිසා ප්‍රංශයේ මිනිසුන් අලුත් ක්‍රමයට ජනවාරි 1 වෙනිදා නව අවුරුද්ද සමරනු ලැබීය. නමුත් ඊට විරුද්ධව නැගී සිටි ප්‍රංශ ජනයා ජනවාරි 1 වෙනිදා නව වසර සැමරුවේ නැත. ඔවුන් පරණ ක්‍රමයට, පුරුදු විදිහට අප්‍රේල් 1 වෙනිදා නව වසර සැමරූහ.
මේ බව හෙන්රි රජූට සැල වූ පසු ඔහූ ජනතාව අමතා ප්‍රකාශ කලේ..
"නව වසර ලබන්නේ ජනවාරි පළමුවෙනිදා නිසා, අප්‍රේල් පළමුවෙනිදට නව වසර සමරන්නෙ මෝඩයෝ" කියාය.
ඉතින් ඒ විදිහට අප්‍රේල් පකමුවෙනිදා නව වසර සමරපු අයට ප්‍රංශයේ බහුතරයක් මිනිස්සු "අප්‍රේල් මෝඩයෝ" යැයි විහිළුවට ගනිමින් එදා මෝඩයන්ගේ දවස විදිහට නම් කරලා තියෙනවා.
එදා ඉදන් අප්‍රේල් පළමුවෙනිදා මෝඩයන්ගේ දවස විදිහට ටිකෙක් ටික ලෝකයා අතර ජනප්‍රිය උනා. ප්‍රංශයේ රජූ කුමන හෝ වාසියකට දින දර්ශනය මාරු කරගැනීමේ සිද්ධිය අන්තිමට මුළු ලෝකෙටම බොරු කියමින් මිනිස්සුන්ව මෝඩයට අන්දවන දවසක් උනේ ඔහොමයි.
වැදගත්ම කාරණය තමයි මේ දවස කිසිම රටක මහජන හෝ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ගණන් ගන්නේ නැත. හුදෙක් මිනිසුන්ගේ විනෝදාස්වාදය මත වැඩි විශේෂත්වයක් නොමැතිව සමරන දිනයක් පමණි.
යුරෝපයේ සමහරක් රටවල පමණක් මෙය තරමක් වැඩි විශේෂත්වයක් සහිතව සමරන අවස්ථා මා අසා ඇත. කවටකෙළි (Pranks) රවටාලීම් (Cheating) හා විහිළු (Jocks) වගේ දේවලින් විනෝදාස්වාදය ගෙනෙන මෝඩයාගේ දවස දැන් දැන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හරහාද අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබන තැනට පැමිණ ඇත. එය විනෝදකාමී වන බව සැබෑය. නමුත් වටිනා කාලය, ධනය හා ශ්‍රමය නිකරුනේ වැය කෙරෙන මාදිලියේ අනවශ්‍ය විහිළු, බොරු හ කෙළිසෙල්ලම් නම් ඇත්තටම මෝඩයන්ගේම වැඩ බව කිව යුතුය.
කෙසේ වෙතත් මෝඩයන්ගේ දවස සාමකාමීව සමරන්න. එහෙනම් ඉතින් හැමෝටම, මෝඩයාට ඇන්ඳවෙන විනෝදකාමී දිනයක්ම වේවා!
|චතුර රුවන් වීරක්කොඩි





No comments:
Post a Comment