ඔබ ඔබ දිහා මොහොතකට පිටතින් බලන්න. ඔබ හරිම සුන්දරවත් පිරිසිදුවත් පෙනේවි. ඒ අපේ අම්මාවරු අපි වෙනුවෙන් අපේ සුන්දරත්වය හා පිරිසිදුකම වෙනුවෙන් කැපවෙන නිසා.
ලංකාවෙ විතරක් නෙවෙයි හැම රටකම අම්මලා තමන්ගෙ දරුවන්ගෙ ලස්සනත් පිරිසිදුකමත් වෙනුවෙන් හුඟක් දේ කැප කරනවා. තමන්ගෙ කාලය, නිදහස වගේම රැකියාව පවා අහිමි කරගන්නවා. පොඩි කාලෙදි නාවන්නෙ රෙදි හෝදන්නෙ වගේම කැතකුණු පවා අස්පස් කරන්නෙ අම්මලා. අපි ටිකක් ලොකු වෙද්දි නාවන්න කරන්න නාවත් තාම අපේ රෙදි ටික හෝදල දෙන්නෙත්, කාමරය වැසිකිළිය පිරිසිදු කරල දෙන්නෙත් ඇය නේද?
ලංකාවේ අම්මාවරු තමන්ගෙ දරුවන්ට තියෙන ආදරේ නිසා පොඩි කාලෙ දරුවන්ගෙන් කිසිසේත්ම වැඩ ගන්නෙ නෑ. ලොකු උනාට පස්සෙවත් ඇයි අපිට බැරි අපේ රෙදි ටික හෝදගන්න. කාමරය අතුපතු ගාල වැසිකිළිය ආදිය පිරිසිදු කරගන්න.
සම්පූර්ණයෙන්ම වැරැද්ද අපේ. මොකද අපි නොදැනුවත්වම කම්මැලි වෙලා. අපේ අම්මලත් අපිට තියෙන ආදරේ නිසා අපෙන් වැඩ කර නොගෙන ඉදලා අපිව කම්මැලිකමට පුරුදු කරලා.
ලංකාවේ එහෙම උනත් ජපානයේනම් එහෙම වෙන්නෙ නෑ. වයස අවුරුදු තුන හෝ හතර වෙද්දිම ජපන් අම්මලා එයාලගෙ බබාලට තමාගේ පිරිසිදුකම තමා විසින්ම පවත්වාගත යුතු ආකාරය කියා දෙනවා. පසුව දරුවා පාසල් යන කාලය වනවිට #5S හෙවත් ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පය ඉගෙනගන්නවා.
එනම් සෙයිරි, සෙයිතෝන්, සෙයිසෝ, සෙයිකෙත්සු, සිත්සුකේ ය. ගුරුවරු ඒවා උගන්වා අත පිහදගෙන පැත්තකට වන්නේ නැත. දරුවන් සමඟ පංතියේ, පිට්ටනියේ, කැන්ටිමේ හා වැසිකිළියේ දි ඒවා ප්රායෝගිකව පුරුදු පුහුණු කරවනවා.
ජපන් අම්මලත් ගුරුවරුත් ලංකාවෙ අම්මල ගුරුවරු වගේ දරුවන්ට තියෙන ආදරේට එයාලගෙ ඔක්කොම වැඩ ටික කරල දුන්නනම්, අද ජපන්නුත් අලස ජාතියක් වෙලා ජපානය ලෝකයේ දුප්පත්ම රටක් වෙන්න තිබුණා.
ඔබ මේ ඡායාරූපවලින් දකින්නෙ ජපානයේ ටෝකියෝ නුවර රොක්කෝ ප්රාථමික හා ද්විතීයික පාසලේ පිරිසිදු කිරීමේ වැඩසටහනකි.
|චතුර රුවන් වීරක්කොඩි






No comments:
Post a Comment