Saturday, January 6, 2018

ශ්‍රී ලංකාව තුළ නම් කර ඇති ලෝක උරුම


ලෝකය තුළ ස්වාභාවික හා සංස්කෘතික අතින් වටිනාකමක් සහිත ස්ථාන තෝරාගෙන ඒවා ලෝක පුදුම ලෙසත් ලෝක උරුමයන් ලෙසත් නම්කරයි. මෙහි විශේෂත්වය වන්නේ ලෝක පුදුම නම් කරන්නේ හතක් පමණි. ලෝක උරුම සීමාවක් රහිතව නම් කරයි. 

එසේම ලෝක පුදුම යනාදිය කලින් කලට වෙනස් කරයි. නමුත් ලෝක උරුමයක් නම් කලහොත් එය නැවත වෙනස් කල නොහැක. ලංකාවේ එවැනි ලෝක උරුම අටක් මේ වනවිට නම් කර ඇත.

ලෝක උරුමයන් ප්‍රකාශයට පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික කටයුතු පිළිබද සංවිධානය (UNESCO) විසිනි. එම සංවිධානය එසේ උරුමයන් නම් කිරීමේදී සළකා බලන සාධක ඓතිහාසික, සංස්කෘතික හා ස්වාභාවික යනාදී ලෙස කාණ්ඩගත කරයි. 

   එසේ කාණ්ඩගත කිරීමේදී ශ්‍රී ලංකාව තුළ දැනට හදුනාගෙන ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශ සංඛ්‍යාව අටකි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ ලෝක උරුම ත්‍රිත්වයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1982 වර්ෂයේදීය. ඒවානම්

    🔸අනුරාධපුර ශුද්ධ නගරය

    🔸පොලොන්නරුව පෞරාණික නගරය

    🔸සීගිරිය 

දෙවනුව 1988 දී නැවතත් ලෝක උරුමයන් ත්‍රිත්වයක් ප්‍රකාශයට පත්කරන ලදී. ඒ

    🔸මහනුවර ශුද්ධ නගරය 

    🔸ගාලු පැරණි නගරය

    🔸සිංහරාජ ස්වාභාවික වැසි වනය

ඉන් පසු 1991දී UNESCO සංවිධානය විසින් නැවත 🔸දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කලේ එහි ඇති ස්ථානමය, ස්වාභාවික හා ඓතිහාසික වටිනාකම මොනවට තේරුම් ගනිමිනි.

අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ලෝක උරුමයක් හදුනාගෙන නම් කරන ලද්දේ මෑතකදීය. ඒ 🔸සුන්දර මධ්‍යම කඳුකර ප්‍රදේශයයි. සොබාදහමේ විශ්මිත අලංකාර සෞන්දර්ය නිසා 2010 වර්ෂයේදී ලෝක උරුම ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. අනාගත පරපුර වෙනුවෙන් මෙම උරුමයන් රැකගැනීම ලක්වාසී සියලුදෙනාගේ භාරදූර වගකීමක් බව සිහියේ තබාගමු.

|චතුර රුවන් වීරක්කොඩි

No comments:

Post a Comment